colombotimes.lk
සිංහල | English

28 April 2024

කුකුළු මස් සහ බිත්තර මිල ගණන්වල වෙනසක්



එළඹෙන උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර මිල ගණන් තවදුරටත් පහළ යනු ඇති බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා. 

ඔහු සඳහන් කළේ සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ඔවුන්ගේ නිෂ්පාදන අඛණ්ඩව වෙළෙඳපොළට එවීම හේතුවෙන් මේවන විට රුපියල් 35 – 40 අතර මිලකට බිත්තරයක් අලෙවි කිරීමේ හැකියාවක් පවතින බවයි. 
 
එමෙන්ම වැට් බදු වැඩි කිරීම හරහා ආනයනික සත්ත්ව ආහාර මිල ගණන්වල ඉහළ යාමක් සිදුවුවහොත් මෙම තත්ත්වයේ වෙනසක් සිදුවිය හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)