30 April 2026

logo

ලොව ධනවත්ම පුද්ගලයාගේ ස්ථානය එලොන් මස්ක්ට අහිමි වෙයි



ෆෝබ්ස් නවතම වාර්තාවලට අනුව ලොව අංක 1 ධනවතා බවට ප්‍රංශයේ බර්නාඩ් ආර්නෝල්ට් පත්ව තිබෙනවා.

ඒ අනුව එලොන් මස්ක් තවදුරටත් ලෝකයේ ධනවත්ම පුද්ගලයා නොවන බව එම වාර්තා වල සඳහන්.

ඒ ඔහු විසින් පවත්වාගෙන යනු ලබන ටෙස්ලා සමාගමේ ඉපැයීම් 2024 දී මන්දගාමී වර්ධනයක් අපේක්ෂා කිරීම හේතුවෙන්.

ෆෝබ්ස් සඟරාවට අනුව 2024 පෙබරවාරි 1 වැනි දින උදා වූ මධ්‍යම රාත්‍රිය වන විට ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 10 දෙනා මෙසේයි.

1. බර්නාඩ් ආර්නෝල්ට්

2. එලොන් මස්ක්

3. ජෙෆ් බෙසෝස්

4. ලැරී එලිසන්

5. මාර්ක් සකර්බර්ග්

6. වොරන් බෆට්

7. බිල් ගේට්ස්

8. ලැරී පේජ්

9. ස්ටීව් බෝල්මර්

10. සර්ජි බ්‍රින්
(colombotimes.lk)