ඉදිරියේදී පැවැත්වීමට නියමිත සිරි දළදා වන්දනාව සඳහා පරිත්‍යාග ඉල්ලා WhatsApp හරහා සංසරණය වන පණිවිඩය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී දළදා මාලිගාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එහි සඳහන් වන්නේ දළදා වන්දනාව සඳහා අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව විසින් රජය සමඟ සහයෝගයෙන් සපයන බවයි.
ඒ අනුව දළදා වන්දනාව වෙනුවෙන් අරමුදල් රැස් කිරීමට හෝ අදාළ සංවිධාන කටයුතු සිදු කිරීමට කිසිදු පුද්ගලයෙක්ට, කණ්ඩායමකට හෝ සංවිධානයකට අවසරදී නොමැති බව එම නිවේදනයේ සඳහන්.
(colombotimes.lk)