28 February 2026

logo

රටවල් 2ක ඉරණම ශ්‍රී ලංකාව අතේ



2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 2කට තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතරයි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය පස්වරු 7ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගය පාකිස්ථාන කණ්ඩායමට සහ නවසීලන්ත කණ්ඩායමට ඉතාමත් තීරණාත්මක තරගයක් වී තිබෙනවා.

ඒ අනුව පාකිස්ථාන කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් ඔවුන් මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදෙන්නේ නම් ලකුණු 64කින් හෝ දෙවනුව පන්දුවට පහරදෙන්නේ නම් පන්දුවාර 13යි එක් පන්දුවක් අවසානයේදී තරගය ජයග්‍රහණය කළ යුතුයි.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයෙම් නිල වශයෙන් ඉවතට විසි වී තිබෙනවා.

අද තරගයේදී කුසල් මෙන්ඩිස් සහ දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)