06 July 2025

logo

හමුදා කාන්තා නිලධාරිනියන්ට ත්‍රිවිද හමුදාවේ උසස්ම තැනට යාමට අවස්ථාවක්



යුද්ධ හමුදා කාන්තා නිලධාරිනියන්ට ත්‍රිවිද හමුදාව තුළ උසස් ම නිලයට යා හැකි ලෙස බළකා නියෝග යාවත්කාලීන කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. 

ඒ අනුව මේ සම්බන්ධ කෙටුම්පත සකසා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බව ද රාජ්‍ය අමත්‍යවරයා පැවසුවා. 
 
කාන්තාවන්ට ඉහළ තනතුරුවලට යා හැකි ක්‍රමවේද තිබෙන නමුත් ඇතැම් තැන්වල එහි ගැටලු තිබීම හේතුවෙන්, ත්‍රිවිධ හමුදාවේ කාන්තා නිලධාරිනියට එහි උසස්ම තැනට යාමට මෙම කෙටුම්පත යොමු කර තිබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
(colombotimes.lk)