13 July 2025

logo

ගාලු මුවදොර ජංගම වෙළෙඳුන් නියාමනයට පියවර



වැසිකිළි වැනි අපවිත්‍ර ස්ථාන වල සකස් කෙරෙන පරිභෝජනයට නුසුදුසු ආහාර කොළඹ ගාලු මුවදොර පිටියට ගෙනවිත් ජනතාවට අලෙවි කරන බව වාර්තා වනවා. 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශණ සේවා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරාජ් කතුරුසිංහ මහතා අදහස් දක්වා තිබුණා. 
 
එමෙන්ම අවිධිමත් අලෙවිසැල් එම ස්ථානයේ සුන්දර පරිසරයට ද හානි කරන බවයි ඔහු සඳහන් කළේ. 
 
ඒ අනුව ගාලු මුවදොර පිටියේ ජංගම වෙළෙඳුන් නියාමනයට මේ වනවිටත් අවධානය යොමු කර ඇති බවයි ඔහු පැවසුවේ.
(colombotimes.lk)