මධ්‍යම ලැන්කෂයර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් අභ්‍යවකාශයේ ඇති මුදු හැඩැති දැවැන්ත ව්‍යුහයක් සොයාගෙන තිබෙනවා.
එහි විෂ්කම්භය ආලෝක වර්ෂ බිලියන 1.3 ක් බවයි වාර්තා වන්නේ.
පෘථිවියේ සිට නරඹන විට රාත්‍රී අහසේ චන්ද්‍රයා මෙන් 15 ගුණයක් විශාල ලෙස එය දර්ශනය වන බව විද්‍යාඥයින් පවසනවා.
ඒ අනුව මෙම ව්‍යුහය සකස් වී ඇත්තේ, මන්දාකිණි සහ මන්දාකිණි පොකුරු වලින් බව සඳහන්.
මෙම ව්‍යුහය පියවි ඇසින් දැකිය නොහැකි වන බවයි විද්‍යාඥයින් පැවසුවේ.
(colombotimes.lk) 

