13 July 2025

logo

ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට



යතුරු පැදිවලින් ගංජා රැගෙනවිත්, වෑන් රථයකට පටවමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, අඩම්පන් පොලිස් වසමේ පල්ලේමඩු ප්‍රදේශයේදීයි. 
 
මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බව පොලීසිය නිවේදනය කළා. 
 
සැකකරුවන් සතුව තිබී ගංජා කිලෝ 82යි ග්රෑම් 840ක්, යතුරු පැදි 2ක් සහ වෑන් රථයක් පොලිස් භාරයට ගැනුණා. 
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 සහ 36 වයස්වල පසුවන මන්නාරම සහ මුලතිව් ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. 
 
ඒ අනුව ඔවුන් අද (02) දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 
 
සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව සඳහන්.
(colombotimes.lk)