16 September 2025

logo

ගෝඨාභය, මහින්ද සහ බැසිල් මූලික මිනිස් අයිතිවාසිකම් කඩකරයි



රට තුළ ආර්ථික මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි වාර්තා වන්නේ.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

මෙම තීන්දුවට යටත්වන අනෙක් පිරිස වන්නේ,
හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්
මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්
මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල
හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින්
(colombotimes.lk)