සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්



අප්‍රේල් මස මුල් දින නවය තුළ සංචාරකයින් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව සංචාරක සංවර්ධනය අධිකාරිය පවසනවා.
 
ඒ අනූව අදාළ කාලසීමාවේ දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 50,537ක්.

ඒ ඉන්දියාව, බ්‍රිතාන්‍ය, රුසියාව සහ ජර්මනිය යන රටවල් වලින් බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධනය අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ වසරේ ගතවූ කාලසීමාව තුළ සංචාරකයින් හය ලක්ෂ 86,321 දිවයිනට පැමිණ ඇති බවයි.
(colombotimes.lk)