75 හැවිරිදි චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බැවින් ප්‍රතිකාර සඳහා මහජන රාජකාරිවලින් ඉවත් වන බව බකිංහැම් මාලිගය විසින් නිවේදනය කළා.
මේ පිළිබඳව රජුගේ පුතුන් දෙදෙනා වන විලියම් කුමරු සහ හැරී කුමරු වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව තම පියාගේ සුව දුක් බැලීම සඳහා හැරී කුමරු ලන්ඩනය වෙත පැමිණියා.
එහිදී චාල්ස් රජු සහ හැරී කුමරු විනාඩි 45ක කාලයක් කතා බහ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk) 
