සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට (14) දිනයේත් වැඩවර්ජනයේ නිරත වන බව දැනුම් දී තිබෙනවා.
එම වෘත්තීය සමති විසින් අද (13) උදෑසන 06.30 සිට මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණා.
වෛද්‍යවරුන්ට ලබාදෙන DAT දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා මෙම වර්ජනය දියත් කර තිබෙනවා.
මීට අමතරව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්. බී මැදිවත්ත මහතා පැවසුවේ, හෙද සේවාවේ ඉල්ලීම් කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන් හෙට (14) කොළඹ දී විරෝධතාවක් පවත්වන බවයි.
(colombotimes.lk)