Gregg Wallace විසින් රූපවාහිනී වැඩසටහනකදී මිනිස් මස් රසය ඇති මාංශ වර්ගයක් හඳුන්වාදීම හේතුවෙන් මිනිසුන් පුදුමයට පත්ව තිබෙනවා.
ඔහු බ්‍රිතාන්‍යයේ ප්‍රවීණ සුපවේදී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස සඳහන්.
මිනිස් මාංශ රසායනික ක්‍රමවේදයක් ඔස්සේ නිර්මාණය කරන කර්මාන්ත ශාලාවක් පිළිබඳව හඳුන්වා දීමක් ලෙස මෙම වැඩසටහන ඉදිරිපත් කර තිබෙනවා.
එම මාංශ නිර්මාණය කිරීම සඳහා පරිත්‍යාගශිලින් ලබා දෙන සෛල උපකාරී වන බවද සඳහන් කෙරෙනවා.
පසුව එම සෛල භාවිතයෙන් මිනිස් මාංශ පටක නිෂ්පාදනය කරන ආකාරය එහි දක්වා තිබුණා.
මෙය හුදෙක් උපහාසය සඳහා නිර්මාණය කර ඇති වැඩසටහනක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
නමුත් බොහෝ නරඹන්නන් මෙය පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
(colombotimes.lk)
