ඇමරිකාවට බලපෑ සුළි කුණාටුව ජීවිත 23ක් බිලි ගනියි



ඇමරිකාවේ ප්‍රාන්ත 13කට බලපා ඇති සුළි කුණාටු තත්වය හේතුවෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් ඇති අතර බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම මේ වන විට එම ප්‍රාන්තවල පදිංචි ලක්ෂ 06කට පමණ ජනතාවකට විදුලිබලය ඇණහිට තිබෙන බවයි වාර්තා වන්නේ.

තවත් මිලියන 120කට පමණ අනතුරු ඇඟවීම් සිදුකර තිබෙනවා.

අද (28) මෙම සුළි කුණාටු තත්වය නිව්යෝක් නගරයට ඇතුළු වන බව එරට කාලගුණ අංශ අනතුරු අඟවනවා.   
(colombotimes.lk)