සම කියන්නේ අපේ සිරුරේ විශාලතම අවයවය කියලා අපි හැමෝම දන්නවනේ. අපේ සිරුරේ අවලස්සන ඉන්ද්‍රියයන් වසා දමමින් සිරුරට සුන්දරත්වයක් එක්කරන්නේ සම. අතීතයේ ඉදලම රූපලාවන්‍යයේදී සමට ලැබුනේ සුවිශේෂී ස්ථානයක්, ඒ නිසා සම පංච කල්‍යාණයන් ගෙන් එකක් ලෙස සළකනවා. සම සුදු කරගන්න, පැහැපත් කර ගන්න අතීතයේ ඉදලාම කාන්තාවන් බොහොම උනන්දුයි. ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න වලට උත්තර තමයි අද Be Happy අරගෙන ආවේ.
ලස්සන වෙන්න අර්තාපල්
අර්තාපල් කියන්නේ අපි හැමෝම කන්න කැමති රසවත් ආහාරයක්. විවිධාකාරයෙන් උයපු අර්තාපල් අපි කාලා තිබුණට මූණේ ගාගෙන නැහැනේ. ඔන්න දැන් ඒකත් කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙනදා ආහාරයට ගත්ත අර්තාපල් දැන් ලස්සන වෙන්න භාවිතා කරන්න ඔයාට පුලුවන්. ස්වභාවික සම සුදු කරන බ්ලීචින් එකක් විදියට ක්‍රියා කරන අල වලින් ගන්නට පුලුවන් ප්‍රයෝජන මොනවද කියලා දැන් බලමු.
ඇස් ඉදිමීම සහ ඇස්වටා කලු වීමට
අර්තාපල් කියන්නෙ බය නැතිව ඇස් වලට යොදන්න පුලුවන් ඉතාමත් හොද ස්වාභාවික සත්කාරයක්. ඔයාගෙ ඇස් වටා කලු පැහැ වෙලා තියනවා නම්, ඇස් ඉදිමිලා තියනවා නම් හීනියට කපාගත්ත අල පෙති දෙකක් ඇස් මත තියලා විනාඩි 20ක් විතර ඉන්න. මේ සත්කාරය සතියකට දෙවරක් බැගින් සිදු කරන්න.
හිසකෙස් වැටීමට
හිසකෙස් වැටීම, ගැලවී යාම ගොඩාක් අයට තියන කරදරයක්. ඔන්න අර්තාපල් වලින් හිසකෙස් වැටීම නවත්තන්නත් කදිම සත්කාරයක් තියනවා. ඔයා මුලින්ම අල ගෙඩියක යුෂ ගන්න. ඊට කෝමාරිකා යුෂ එකතු කරලා මිශ්‍ර කරන්න. මේ අල යුෂ මිශ්‍රණය හිස්කබලෙහි ආලේප කරලා ඉතාමත් හොදින් මසාජ් කරන්න. විනාඩි 30කට පමණ පසු සෝදන්න. සතියකට එක් වතාවක් මේ සත්කාරය කරන්න පුළුවන් නම් ඔයාට ලොකු වෙනසක් බලාගන්න පුලුවන්.
Dark Spots වලට
කැලැල් මකා දමන්න අර්තාපල් වලට තියෙන්නෙ පුදුම හැකියාවක්. අර්තාපල් යුෂ වලට මී පැණි එකතු කරලා හොදින් මිශ්‍ර කරන්න. ඊටපස්සෙ බ්‍රෂ් එකක් ආධාරයෙන් Dark Spots ඇති ස්ථාන වල හොදින් ආලේප කරන්න. මිනිත්තු 20ක් තියෙන්නට හැරලා හොදින් සෝදාහරින්න. දිනපතා දවසට එක් වරක් මේ සත්කාරය කරන්න පුළුවන් නම් ඉක්මනටම ඔයාට පුළුවන් Dark Spots කරදරෙන් මිදෙන්න.
Shine කොණ්ඩයකට
අපි කොණ්ඩය Shine කරගන්න නම් භාවිතා කරන්නේ අර්තාපල් තම්බපු වතුර. මුලින්ම අර්තාපල් හොදින් සෝද ගන්න. ඊටපස්සෙ භාජනයකට පොත්ත පිටින්ම දාලා පැයක් විතර තම්බගන්න. දැන් මේ අර්තාපල් ටික පිටතට අරගෙන තම්බපු වතුරෙන් හිසකෙස් සෝදාහරින්න. ස්වාභාවික විදියටම ඔයාගෙ කොණ්ඩයට හොද Shine එකක් ලබාගන්න පුලුවන්.
Pimples වලට
කුරුලෑ සමග සටන් කරමින් ඔයාට හරිම පැහැදිලි සමක් ලබාදෙන්න අර්තාපල් කටයුතු කරනවා. ඔයාට කරන්න තියෙන්නෙ අල යුෂ මුහුණෙ ආලේප කරන එක විතරයි. සතියකට දෙවතාවක් වගෙ ඔයාට අර්තාපල් යුෂ ආලේප කරන්නත් පුලුවන්. ඒ වගේම තමයි අල යුෂ ටෝනර් එකක් විදියට භාවිතයට ගන්න පුලුවන්.
දීප්තිමත් සමකට
අර්තාපල් ගෙඩියක යුෂ අරගන්න. දැන් ටිෂූ පේපර් හෝ තුනී තුවායක් හෝ රෙදි කැබැල්ලක් අරගෙන අර්තාපල් යුෂ වල හොදින් පොඟවා ගන්න. ඊටපස්සෙ ඔයාගෙ මුහුණ උඩින් තියාගෙන මිනිත්තු 20ක් විතර ඉන්න. මේ ක්‍රමය ඔයාට සතියකට වරක් කරන්න පුලුවන් රාත්‍රියට. ඔයාට මාස්ක් වලට වියදම් කරන්නෙ නැතිව ස්වාභාවික දේවල් භාවිතා කරලා ලස්සන වෙන්න පුළුවන්.
මිනිසුන්ගේ සම විවිධ වර්ණයෙන් යුක්ත වෙනවා. ඉතින් ඔවුන්ට උරුම වු සමේ වර්ණය තුල ඔවුන්ටම අනන්‍ය වු ලස්සනක් ඇති බව නම් කවදාවත් අමතක කරන්න එපා. කෘතිම ප්‍රතිකාර, ආලේපන, එන්නත්, පෙති වලින් අතුරු ආබාධ ලඟා කර ගන්නවාට වඩා ස්වභාව දහමට ලං වී එහි විශ්මිත රූ රහස් අත් විදින්න පුරුදු වෙන්න.
(Dinithi Thilakarathne @ COLOMBO TIMES)