මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කැකිරාව පොලිස් වසමේ රත්මල්කන්ද ප්‍රද්ශයේ සිදුකළ වැටලීමකින් අනතුරුවයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 70ක් වන රත්මල්කන්ද, කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
මීට අමතරව අඩම්පන් පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.
මෙම ගිනි අවිය සතුන් දඩයම් කිරීම සඳහා භාවිතා කරන බවයි පොලිසිය පැවසුවේ.
ගිනි අවිය අයත් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අඩම්පන් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.
(colombotimes.lk)