දේශීයව නිෂ්පාදනය කරන ඇස්ප්‍රින් වර්ගයක් භාවිතය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එම ඖෂධයේ ආරක්ෂිත ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ.
ඒ අනුව ඖෂධය සහ අදාළ විස්තර පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලෙස නිෂ්පාදන සමාගමට උපදෙස් දී ඇති බව ඔහු සඳහන් කළා.
ඇස්ප්‍රින් වර්ගයක් ඉවත් කිරීමට ගත් තීරණය හේතුවෙන් හිඟයක් ඇති නොවන බවට ද අතිරේක ලේකම්වරයා සහතික වුණා.
(colombotimes.lk)