ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අතර හමුවක් පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති කාර්යාලයේදී ඊයේ (7) සිදු වී තිබෙනවා.
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ජනපති ඉදිරිපත් කළ සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අනතුරුව පැයක පමණ කාලයක් සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.
මීට අමතරව සමගි ජන බලවේගයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ ජනාධිපතිවරයා හමුව තිබෙනවා.
(colombotimes.lk)
