අප වැඩිවිය පත් වුන දවසේ ඉඳල මහලු වෙලා අර්තවහරණය වෙන දිනය වෙනකන් ඔසප් චක්‍රය නිසි විදිහට සිදු වෙනවා නම් එය ඔබේ ශරීර සෞඛ්‍යය ඉතාම හොද තත්වයෙන් පවතින බව කියන්න පුළුවන් ලොකුම සාධකයක්. ඔසප් වීම Periods හැදීම කියලත් හදුන්වනවා. ඔසප් වීම කාන්තාවකගේ ජීවිතයේ නිරෝගී තත්වය විදහා පාන අතර එය කාන්තාවකට ඉතාමත් සාමාන්‍ය දෙයක්. ඔසප් සමයට පෙර හෝ පසු සමහර කාන්තාවන් යම්කිසි අපහසුතා තත්වයක් අත් විදිනවා. බොහොමයක් ගැහැණු ළමයින්ගේ වයස අවුරුදු 09 ත් - 16 ත් අතරදී ඔවුන්ගේ පළවෙනි ඔසප් වීම ආරම්භ වෙනවා. වයස අවුරුදු 16 ක් පමණ වෙලත් පළමු ඔසප් වීම ආරම්භ වුණේ නැත්නම් වෛද්‍යවරයෙක් හමු වී උපදෙස් ගන්න එක තමා කරන්න තියන හොදම දේ.
ඔසප් චක්‍රය කියන්නේ මොකක්ද?
ඔසප් චක්‍රය කියන්නේ ඔසප් වීම ආරම්භ වන පළමු දිනයේ සිට ඊළඟ ඔසප් දිනය වෙනතුරු ඇති කාල සීමාවයි. සාමාන්‍ය ඔසප් චක්‍රයක් දින 21ක් තරම් කෙටි වෙන්නත් දින 35ක් තරම් දීර්ඝ වෙන්නත් පුළුවන්. ගොඩක් කාන්තාවන්ට ඔසප් චක්‍රය දින 25 – 30 වගේ වෙනවා. නමුත් මේ දින ගණන මාසෙන් මාසෙට වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔසප් වීම දින 3-7 දක්වා කාලයක් පවතිනවා. මේ දින ගණන ටිකක් අඩු වෙන්නත්, වැඩි වෙන්නත් පුළුවන්. ඔසප් වීම ඉවර වුණාම Hormones මගින් Ovaries වල ඇති Eggs, Mature කරනවා. ඒ අතරම Hormones මගින් ගර්භාශයේ (Uterus) ඇති Lining (Layers) ඝනකම් කරනවා.
ඔසප් චක්‍රය අතර මැදදී එක Mature Egg එකක් ඩිම්බ කෝෂයට (Ovary) අතහැරීමක් සිදුවෙනවා. එය ඩිම්බනීහරණය (Ovulation) ලෙස හදුන්වනවා. සමහර කාන්තාවන්ට Ovulate වෙනකොට දැනෙන්නේ නැහැ. ඒත් සමහර කාන්තාවන්ට Ovulate වෙනකොට යටි බඩේ වේදනාවක් දැනෙනවා.
ඩිම්බ කෝෂය අත හැරියට පස්සේ ඩිම්බය පැලෝපිය නාලය දිගේ ගර්භාෂය (Uterus) දෙසට ගමන් කරනවා. පැලෝපිය නාලය දිගේ ඩිම්බ ගමන් ගන්නා විට Spongy, Soft Lining Uterus එකක් සැදෙන්න ගන්නවා. මේ Lining එකේ තමයි Fertilized Egg සම්බන්ධ වෙන්නේ. එවිට තමයි Pregnancy එකක් පටන් ගන්නේ. Pregnancy එකක් සිද්ධ වුණේ නැත්නම් Lining ටික කැඩිලා රුධිරය සහ Tissues ටික ගර්භාශයේ සිට ගැබ් ගෙල (Cervix) හරහා සිරුරෙන් එළියට පිටවෙනවා. මේ Process එකට තමයි ඔසප් වෙනවා කියන්නේ. සාමාන්‍යයෙන් ඔසප් කාල සීමාව අතරතුරේදී තේ හැඳි 04 ක පමණ රුධිර ප්‍රමාණයක් ශරීරයෙන් පිට වෙනවා.
පාවිච්චි කරන්න වඩාත් සුදුසු වෙන්නේ Pads, Tampons, Menstrual Cups ද?
ලංකාවේ ගත්තොත් වැඩියෙන්ම Use කරන්නේ Pads. Tampons & Menstrual Cups වගේ Methods වුණත් අපිට Use කරන්න පුලුවන්. තමන්ට හරියන හොදම Method එක මොකක්ද කියලා හොයා ගන්න තියන හොඳම විදිහ තමයි මේ හැම Method එකක්ම උත්සහ කරලා බලන එක.
Under Ware එකට Stick කරලා තමයි වැඩි හරියක් Pads Use කරන්නේ. පැය කීපයකට පසු හෝ Pad එක Menstrual Fluid වලින් පෙගුනට පසු Pad එක Change කරන්න ඕනේ. ඒ වගේම තමයි රෑට නිදා ගන්නා විට ඝනකම් Pad එකක් පැළදිය යුතුයි. Tampons & Menstrual Cups යෝනි මාර්ගයේ (Vagina) තුල Fit වෙලා හිටියනවා. ඒවා යෝනි මාර්ගයේ බිත්ති වලට තද වෙලා තමයි හිටින්නේ. Tampon එකක් හෝ Menstrual Cup එකක් ඇතුල් කිරීම වේදනා සහගත දෙයක් නෙමේ. නමුත් මේ සදහා හොඳ හුරුවක් අවශ්‍ය වෙනවා.
ඔසප් වීම අතරතුරේදී Cramp එකක් හට ගන්නේ ඇයි?
ඔසප් වීම අතරතුරේදී Lining වලට පහසුවෙන් ශරීරයෙන් වෙන් වෙලා එළියට යා හැකි වන ආකාරයට ගර්භාෂය හැකිලීමකට ලක් වෙනවා. මේ නිසා තමයි Cramp එකක් ඇති වෙන්නේ. Menstrual Cramp බොහෝ විට ඇති වෙන්නේ යටි බඩ ප්‍රදේශයේ වේදනාවක් ඇති වීම මගින්. බොහොමයක් කාන්තාවන් වයසින් වැඩි වනවාත් සමගම මෙම වේදනාවත් අඩු වේගෙන යනවා.
Menstrual Cramps වලින් සහනයක් ලබා ගැනීමට කල යුත්තේ මොනවද?
කාන්තාවන්ට Menstrual Cramps වලින් සහනයක් සලසා ගැනීම සඳහා ක්‍රම කීපයක් භාවිතා කරන්න පුළුවන්.
- ව්‍යායාම් කිරීම
- විවේක ගැනීම
- උණු වතුර වලින් නෑම
- Heating Pad එකක් Use කිරීම
- Pain Killers Use කිරීම
සමහර අවස්ථා වලදී මෙම Cramps එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමට අපහසු වන තරමට වේදනාකාරී වන්නටත් පුළුවන්.
Premenstrual Syndrome (PMS) කියන්නේ මොකක්ද?
Premenstrual Syndrome (PMS) කියන්නේ ඔසප් වීම ආරම්භ වීමට සතියකට හෝ දෙකකට කලින් ඇති වන කායික හෝ මානසික වෙනස් වීම්. බොහොමයක් කාන්තාවන්ට පහත සඳහන් කරුණු වලින් එකක් හෝ ඇති වන්න පුළුවන්.
- කුරුලෑ ඇති වීම
- ටිකක් මහත් වීම
- පියයුරු මෘදු වීම
- Depression
- මහන්සියක් දැනීම
- කෑම ආශාවක් ඇති වීම
- හිසරදය
- Joint or Muscle Pain
- නිදිමත ගතිය
Period Miss වුණොත් හෝ ඔසප් චක්‍රය අසාමාන්‍ය වුණොත් මොකද කරන්න ඕනේ?
කාන්තාවකට Period Miss වුනොත් හෝ ප්‍රමාද වුණොත් හිතෙන එකම දෙය Pregnant වීම සම්බන්ධවයි. ඔබ Pregnant ද නැද්ද කියා දැන ගැනීමට තිබෙන එකම මාර්ගය Pregnancy Test එකක් කර ගැනීමයි. කෙසේ වෙතත් සමහර කාන්තාවන්ට Irregular Periods ඇති වීම සාමාන්‍ය දෙයක්. සමහර වෙලාවට ඔබට Period Miss වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට Periods කලින් හෝ පරක්කු වෙලා පටන් ගන්න පුළුවන්. කාන්තාවකගේ Menstrual cycle එක Change වෙන්න විවිධ හේතු බලපානවා. පහත දැක්වෙන්නේ ඒවායින් කරුණු කීපයක්.
- Birth Control
- හෝමෝන අසමතුලිතතාවය
- ලෙඩ රෝග සැදීම
- විවිධ බෙහෙත් වර්ග භාවිතා කිරීම (Medication)
- ආර්තවාභාවය (Menopause)
- පමණට වඩා Exercise කිරීම
- පෝෂණය මදි වීම
- ආතතිය (Stress)
- ක්ෂණිකව සිදුවෙන බරෙහි වැඩි වීම හෝ අඩු වීම
ඔසප් චක්‍රය පිලිබදව Doctor කෙනෙක් මුණ ගැසිය යුත්තේ කුමන අවස්ථා වලදී ද?
කාන්තාවකගේ ඔසප් චක්‍රය සාමාන්‍යද නැද්ද කියා බොහෝ කාන්තාවන්ට විශ්වාසයක් නැති වන්න පුළුවන්. එවන් අවස්ථාවක හොදම දේ තමයි Doctor කෙනෙක් මුණ ගැසෙන එක. පහත සඳහන් අවස්ථා වලදී Doctor කෙනෙක් මුණ ගැසීම ඉතා වැදගත්.
- අසාමාන්‍ය ආකාරයට දිගු කාලයක් Bleed වීම සිදු වන විට.
- අසාමාන්‍ය ආකාරයට වැඩිපුර Bleed වීම සිදු වන විට.
- අවුරුදු 16 වූ පසුත් Periods නොසෑදුනු විට.
- ඔසප් වීමට පෙර හෝ පසු ඔබට ඉතා තද බල Pain එකක් ඇති වන විට.
(Dinithi Thilakarathne @ COLOMBO TIMES)