30 April 2026

logo

චන්ද්‍රිකාගේ නායකත්වයෙන් නව සන්ධානයක්



හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් නව සංවිධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර තිබෙනවා. 

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවට මෙම නව සන්ධානය පිහිටුවීමට නියමිත බවයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ. 
 
එම නව සන්ධානයේ ලකුණ ලෙස බුලත් කොළය වෙනුවට පුටුව යොදාගැනීමට අදහස් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා. 
 
කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
(colombotimes.lk)