30 April 2026

logo

වවුලන්ගෙන්, මිනිසුන්ට ආසාදනය විය හැකි නව වෛරසයක් වාර්තා වෙයි



වවුලන්ගෙන්, මිනිසුන්ට ආසාදනය විය හැකි නව වෛරසයක් තායිලන්තයෙන් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඒ වූහාන්හී කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කළ විශේෂඥ කණ්ඩායමක් විසින්. 
 
මෙම නව වෛරසය සොයාගෙන ඇත්තේ තායිලන්ත ගොවීන් තම කුඹුරුවලට පොහොර පිණිස වවුල් අසූචි ලබා ගන්නා ගුහාවක තිබියදීයි. 
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැවති රැස්වීමක දී නිව්යෝක්හි රාජ්‍ය නොවන සෞඛ්‍ය සංවිධානයක ප්‍රධානියෙකු වන වෛද්‍ය පීටර් ඩසාක් මේ බව සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
(colombotimes.lk)