ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.
ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළැඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂූන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළැඹීම සිදු කරනු ලබනවා.
අජාසත් රජුගේ අනුග්‍රහය යටතේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීම ආනන්ද හිමියන් රහත් භාවයට පත් වීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍ය රාජයා ඉදිකිරීම ආරම්භ කිරීම නිකිණි පෝය දින වැදගත් සිදුවීම් අතර ප්‍රධාන වනවා.
ඒ නිමිත්තෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම විවිධ පිංකම් සංවිධාන කර තිබෙනු දක්නට ලැබෙනවා.
මේ අතර මෙවර මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රී වීදී සංචාරය කිරීමට නියමිතයි.
(colombotimes.lk)