පාසැල් දරුවන් වෙනුවෙන් විද්‍යුත් තැපෑල (E-mail) ගිණුම් සැකසීමේදී දෙමවුපියන්‌ගේ දත්ත ඇතුළත් නොකරන ලෙස දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
දෙමවුපියන්ගේ දත්ත ලබාදීම හේතුවෙන් දරුවන්ට ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමට අවස්ථාව ලැබෙන බව ද සඳහන්.
පොලිස් අපරාධ අංශයේ උසස් නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අදහස් දැක්වීමක් සිදු කෙරුණා.
එහිදී ඔවුන් සඳහන් කළේ, එම දරුවන්ගේ නිවැරදි වයස ඇතුලත් යුතු බවයි.
එසේ නිවැරදි වයස ඇතුලත් කිරීම හේතුවෙන් අන්තර්ජාල පද්ධතිය විසින්ම දරුවන්ගේ ක්‍රියාකාරකම් සොයාබැලීම් සහ වෙබ් අඩවි සඳහා ප්‍රවේශය පාලනය කිරීම් සිදු කරන බව සඳහන්.
(colombotimes.lk)