විදුලිය බිඳ වැටීම් ගැන දැනුම් දෙන්න අංකයක්



දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින 3 ඇතුළත පාරිභෝගිකයන් ලක්ෂ 3කට වැඩි පිරිසකගේ විදුලිය විසන්ධි වී ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ විදුලිය බිඳවැටීම් 36,900ක් සිදු වී ඇති බව පැවසූ අමාත්‍යවරයා එම බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අතිරේක සේවා කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර ඇති බවත් විදුලිය බිඳ වැටී ඇති ස්ථානයන්ට ඉදිරි පැය 24 තුළ විදුලිය සපයා යථා තත්ත්වයට පත් කරන බවත්  ප්‍රකාශ කළා.

එමෙන්ම විදුලි පාරිභෝගිකයන්ට 1987 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ඇමතුම් ලබා දී හෝ කෙටි පණිවිඩයක් යොමු කර විදුලිය විසන්ධි වීම පිළිබඳව දැනුවත් කළ හැකි බවද අමාත්‍යවරයා සිය නිවේදනයෙන් දැනුම් දෙනවා.

(colombotimes.lk)