colombotimes.lk
සිංහල | English

19 May 2024

අනෙක් රටවලින් උපකාර ඉල්ලීමෙන් වැළකිය යුතුයි - ජනපති



අනෙක් රටවල් වලින් තවදුරටත් උපකාර ඉල්ලීමෙන් වැළකී ශ්‍රී ලංකාවට අවශ්‍ය දියුණුව අප විසින්ම උදාකරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එමෙන්ම පවතින සම්පත් භාවිතා කරමින් රටක් ලෙස අප තනිව නැගී සිටිය යුතු බවද ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනයක් උදෙසා වන සමුළුව අමතමින් ඔහු මේ අදහස් පළකලා.

මෙම වැඩපිළිවෙල සඳහා අවශ්‍ය සම්පත් මෙන්ම, රට සතුව පවතින සම්පත් පිළිබඳව සොයා බැලීම සිදුකළ යුතු බව සඳහන්.
(colombotimes.lk)