30 April 2026

logo

පාර්ලිමේන්තු නව සැසිවාරය සඳහා කෙහෙළියට ඇරයුම්



හෙට (7) දින පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහභාගී කරවීමට කතානායකවරයා අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු වේත්‍රධාරී කුෂාන් ජයරත්න විසින් හිටපු අමාත්‍යවරයා හෙට දින පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් හිටපු පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර අරාංචි මාර්ග සඳහන් කළා.
(colombotimes.lk)