16 July 2025

logo

අවුරුදු ගීතය විකෘති කළ බවට සැක කරන පුද්ගලයෙකු අත්අඩංගුවට



රෝහණ බැද්දගේ විසින් ගායනා කරන ''සූර්ය මංගල්‍ය'' ගීතය විකෘති කළ බවට සැක කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳව වයඹ පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඊයේ (16) දින එම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අවුරුදු 31 වයසැති තලාතුඔය ප්‍රදේශයේ පදිංචි අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුව අද (17) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 
(colombotimes.lk)