colombotimes.lk
සිංහල | English

28 April 2024

දේශපාලඥයන්ට ක්‍රීඩා සමාජවල තනතුරු දෙන්න එපා - ජනපති



ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු දායකත්වය ලබා දෙන බවයි සිංහල ක්‍රීඩා සමාජයේ 125 වන සංවත්සර සැමරුමට එක් වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

මේ අතර දේශපාලනය සහ ක්‍රීඩාව වෙන් කර තබා ගැනීමේ වැදගත්කම එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

දේශපාලඥයන්ට ක්‍රීඩා සමාජවල ඉහළ තනතුරු ලබා දීමෙන් වැළකි සිටිය හැකි නම් එය යහපත් තත්වයක් වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ඔහු ප්‍රකාශ කළා.
 
(colombotimes.lk)