01 May 2026

logo

ප්‍රභාත් ජයසූරිය ICC ශ්‍රේණිගත කිරීම් අතර ඉහළට



ICC විසින් නිකුත් කළ නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.

ඔහු මීට පෙර ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 09 වැනි ස්ථානයේ පසුවුණා.

නිමා වූ ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගයේ දී දැක්වූ දස්කම් සමඟ නවතම ශ්‍රේණිගත කිරීම්වල 06 වැනි ස්ථානය දක්වා ඔහු ඉදිරියට පැමිණ තිබෙනවා.
(colombotimes.lk)