විනාශ වූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ ජලය මුදා හැරීමට ජපානය සැලසුම් කර තිබෙනවා.
එම සැලැස්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වනු ඇතැයි විශ්වාස කරන බව දකුණු කොරියාව පවසනවා.
ඔවුන් මෙසේ පවසා ඇත්තේ මෙම යෝජනාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ පරමාණුක ඒජන්සිය සිදුකළ සමාලෝචනයකින් අනතුරුවයි.
පසුගිය මැයි මස අගදී මෙම බලාගාරය පරීක්ෂා කිරීමට දකුණු කොරියාව කටයුතු කර තිබුණා.
ඒ, එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනයේ සහය ඇතිවයි.
ඒ අනුව පැසිෆික් සාගරයට විකිරණශීලී ජලය ටොන් මිලියන 1.3 කට වඩා මුදා හැරීම ආරක්ෂිත යැයි ඔවුන් යෝජනා කර තිබුණා.
(colombotimes.lk)