30 April 2026

logo

සියළු දේශපාලන පක්ෂ වෙත ජනපතිගෙන් ආරාධනයක්



පොරොන්දු දේශපාලනයෙන් වූයේ රටේ ආර්ථිකය විනාශවීම බවත්, මැතිවරණයකට සූදානම් වන්නේ නම් රට ගොඩනැගිය හැක්කේ කෙසේද යන්න පිළිබඳ සැලැස්මක් සියළු දේශපාලන පක්ෂ වෙත තිබිය යුතු බවත් ජනාධිපතිවරයා පවසනවා. 

එමෙන්ම විකල්ප යෝජනා වේ නම් මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට එක්වන ලෙස සියළු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටි ජනාධිපතිවරයා, ඒ සඳහා එහි කළමණාකාර අධ්‍යක්ෂවරියට මෙරටට පැමිණෙන ලෙස ඇරයුම් කිරීමට තමා සූදානම් බවද සඳහන් කරනවා.
(colombotimes.lk)