01 May 2026

logo

රනිල්ගේ ගෙදර ගිනිබත් කළැයි සැකපිට ගුරුවරයෙක් අත්අඩංගුවට



අරගල සමයේදී ජනපති රනිල්ගේ පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක් බව සඳහන් වනවා.
(colombotimes.lk)