WATCH VIDEO | කලකට පසුව කාන්තාවන් නැති Music Video එකක්



බලපිටිය රේවත මහා විද්‍යාලයේ 90 වන සංවත්සරය වෙනුවෙන් Colombo Times අප නිර්මාණය කළ පාසල් සමයේ මතක ඇතුලත් 'රන්වන් සමනළ රෑනේ' ගීතය අද (06) එළිදැක්වුණා.

ගීතය ගායනා කරනු ලබන්නේ රේවත විද්‍යාලයේ ආදි ශිෂයෙකු වන නව පරපුරේ ජනප්‍රිය ගායක උදාර කෞශල්‍ය විසින්.

මෙහි පද රචනය රේවත විද්‍යාලයේ ආදි ශිෂ්‍ය චාමික සුරේෂ් මහතා අතින් සිදු වූ අතර, සංගීතය සහ තනුව කවිඳු කෝකිලගමගේ අතින් සිදුවුණා.

ගීතයේ රූප රචනය සහ අධ්‍යක්ෂණය සිදු කළේ රේවත විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන Colombo Times අධ්‍යක්ෂක සජීව ද සිල්වා විසින්.

එමෙන්ම මෙම Music Video එකේ රංගනය සඳහා නිරූපණ ශිල්පිනියන් යොදා නොගැනීම විශේෂත්වයක්.

'රන්වන් සමනළ රෑනේ' ගීතය නැරඹීමට පහත Link එකෙන් පිවිසෙන්න.
(colombotimes.lk)