05 November 2025

logo

ආහාර පිසීමේ කලාව රොබෝවරුන් යටතට (VIDEO)



සූපවේදී සමාගමක් විසින් පවුම් 50,000ක වටිනාකමකින් යුතු රොබෝ සූපවේදියෙකු නිර්මාණය කර තිබෙනවා. 

මෙම රොබෝවරයා ඉදිරිපත් කර ඇත්තේ රුසියානු ව්‍යවසායකයෙකු වන Mark Oleynik විසින් පවත්වාගෙන යනු ලබන Moley Chef's Table සමාගම විසින් බව සඳහන්. 
 
එම රොබෝ යන්ත්‍රයට මිනිස් මැදිහත්වීමකින් තොරව ආහාර වේල් සෑදිය හැකි බවයි වාර්තා වන්නේ. 
 
එනම් සකස් කරන ලද අමුද්‍රව්‍ය ලබාදීම මඟින් මේ හරහා ආහාර වේල් නිපදවිය හැකියි. 
 
මීට අමතරව මෙය ගුවන් තොටුපළ, රෝහල් සහ ආපනශාලා ඇතුළු කාර්යබහුල ස්ථාන වල ආහාර සෑදීම සඳහා යොදා ගත හැකි වනවා. 
 
නමුත් රොබෝවරුන් විසින් මිනිස් රැකියා අත්පත් කර ගැනීම සිදුකරන බවට මේ වනවිට චෝදනා එල්ලවී තිබෙනවා. 
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ආයතනය සඳහන් කළේ, රොබෝවරයා ආහාර පිසින්නන්ගේ රැකියාව තවත් පහසු කිරීමට පමණක් යොදාගන්නා බවයි.
(colombotimes.lk)