තලේබාන් සංවිධානයේ නියෝග මත ඉදිරි සති කිහිපය තුළ ඇෆ්ගනිස්ථානය පුරා කොණ්ඩා සහ රූපලාවන්‍යාගාර වසා දැමීමට නියමිතයි.
මේ හේතුවෙන් අහිමිවන ඇස්තමේන්තුගත රැකියා සංඛ්‍යාව 60,000ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තලේබාන් සංවිධානය නැවත බලයට පත් වූ දා සිට රූපලාවන්‍යාගාරවලට දිගටම ක්‍රියාත්මක වීමට අවසර ලබා දී තිබුණා.
නමුත් ඔවුන් පසුගිය මාසයේදී සිය ස්ථාවරය වෙනස් කර මෙසේ රූපලාවන්‍යාගාර වසා දැමීමට නියෝග කළා.
මීට අමතරව ඔවුන් කාන්තාවන් සඳහා පන්ති කාමර, ජිම් සහ උද්‍යාන තහනම් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන කාන්තාවන් සිය කණගාටුව පළ කරමින් හඬාවැටෙන බව සඳහන්.
එයට හේතුව වන්නේ සමහර පවුල් සඳහා වූ එකම ආදායම් මාර්ගය රූපලාවන්‍යාගාරයෙන් ලැබෙන ආදායම වීමයි.
(colombotimes.lk)