15 September 2025

logo

සනත් නිශාන්තගේ මරණය ගැන සැකයක්



හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන්ගත් සුඛෝපභෝගී රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරුගෙන් අද (12) පැය 5 ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්.

මෙසේ රියදුරුගෙන් ප්‍රශ්න කර ඇත්තේ, එම රිය අනතුර සිදුව ඇති ආකාරය සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සනත් නිශාන්තගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලක් හේතුවන්.

ඒ අනුව මේ පිළිබඳව අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ අරඹා තිබුණා.
(colombotimes.lk)