30 April 2026

logo

සනත් නිශාන්තගේ මන්ත්‍රී ධූරයට නව හිමිකරුවෙක්



හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ජාතික නිදහස් පෙරමුණේ L. K. ජගත් ප්‍රියංකර මහතා පත් කර තිබෙනවා.

2024 ජනවාරි 25 වන දින කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් වුණා.

ඒ අනුව මෙම පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා ජගත් ප්‍රියංකර මහතා පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

එමඟින් ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් ජගත් ප්‍රියංකර මහතා ශ්‍රී ලංකාවේ නවවැනි පාර්ලිමේන්තුවේ පුත්තලම මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.

ප්‍රියංකර මහතා මන්ත්‍රී විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙකි.
(colombotimes.lk)