අන්තර් පළාත් අර්ධ සුඛෝපභෝගී බස් රථ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ, එම බස්රථ සඳහා නිකුත් කර තිබූ බලපත්‍ර 430ක් අහෝසි කිරීම වළක්වමින්.
අන්තර් පළාත් පුද්ගලික බස් රථ සංගමය සහ එහි සාමාජිකයින් 28 දෙනෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමකට අදාළව මෙම නියෝගය නිකුත් කෙරුණා.
මීට අමතරව අදාළ පෙත්සම් පිළිබඳ විභාගය අගෝස්තු මස 28 වන දා පැවැත්වීමට නියමිතයි.
එම දිනයේදී මේ පිළිබඳ කරුණු දක්වන ලෙස දන්වා ජාතික ප්‍රවාහන කොමිසම, එහි සභාපතිවරයා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු වගඋත්තරකරුවන් තිස් තුන් දෙනෙකු වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)