ක්‍රිකට් පාවා දුන් පියවර ගැන අමාත්‍යවරයා හෙළිකරයි



ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ක්‍රිකට් පාවා දීම සඳහා සිදු කළ බව කියන පියවර 3ක් පිළිබඳව ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හෙළිදරව් කර තිබෙනවා.

අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මාධ්‍යවේදියෙකු ශම්මි සිල්වා වෙත ක්‍රිකට් තහනම් කිරීමට ඔබ ICC යෙන් ඉල්ලීමක් කළාද යන්න විමසූ අවස්ථාවේදී ඔහු එය ප්‍රතික්ෂේප කළ බවයි.

නමුත් ශම්මි සිල්වා විසින් ලිපි කිහිපයක් ICC ආයතනය වෙත යවා ඇති බවයි රොෂාන් රණසිංහ මහතා පැවසුවේ.

එහි පළමු ලිපියෙන් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ රග්බි සහ පාපන්දු ක්‍රීඩාවන් තහනම් කර ඇති බවයි.

නමුත් මේ වනවිට එම තහනම ඉවත් කරගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන් අතර ශම්මි සිල්වා මෙම ලිපිය හරහා ICC ය නොමඟ යවා ඇති බව සඳහන් කළා.

දෙවෙනි ලිපිය හරහා ක්‍රිකට් තහනම් කළ යුතු බව, අතුරු කමිටුව පිළිබඳව සහ 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය වැනි තරගාවලි මෙරටින් රැගෙන යා යුතු බව ද පෙන්වා දී ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළා.

එමෙන්ම ICC තහනම ඉවත් කර ගැනීම සඳහා ඔහු ඉන්දියාවට යාම ද ශම්මි සිල්වාගේ රංගනයේම කොටසක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
(colombotimes.lk)