ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම අතර විශේෂ හමුවක් හෙට (12) පැවැත්වීමට නියමිතයි.
එය හෙට පස්වරු 5.30ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
රටේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණ ඇතිව මෙම හමුව කැඳවා තිබෙනවා.
මීට අමතරව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුන්ට සිය කටයුතුවලදී පැන නගින ගැටලු පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතයි.
එමෙන්ම 113ක බහුතර බලය ආරක්ෂා කරගනිමින් ආණ්ඩුවේ ඉදිරි කටයුතු ශක්තිමත්ව කරගෙන යාම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකෙරෙනු ඇති.
(colombotimes.lk)