colombotimes.lk
සිංහල | English

08 September 2024


කැබිනට් මණ්ඩලය ක්‍රීඩා නීතිය උල්ලංඝණය කර ඇති බවට චෝදනා



කැබිනට් මණ්ඩලය විසින් ක්‍රීඩා නීති උල්ලංඝනය කර ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (25) පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල කර තිබෙනවා.

ඒ, ක්‍රිකට් පරිපාලන අතුරු කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාට පැවසීමට ගත් කැබිනට් තීරණය හේතුවෙන්.

ඒ අනුව කැබිනට් මණ්ඩලය ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතුවලට මැදිහත් වන්නේ කෙසේද යන්න පිළිබඳව ඔහු ප්‍රශ්න කර තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, ක්‍රිකට් පරිපාලනය සඳහා අතුරු කමිටු හෝ නිසි බලධාරීන් පත් කිරීමට බලය ඇත්තේ ක්‍රීඩා ඇමැතිවරයාට බවයි.
(colombotimes.lk)