04 July 2025

logo

සිසු හෙද හෙදියන් 140ක් සේවයට කැපවෙයි



වත්මන් රජය මඟින් මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධන වැඩසටහන යටතේ ජනතාවට පහසුවෙන් ළඟා විය හැකි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 1000ක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

ඒ අම්පාර හෙද විදුහලේ පැවති 2020 - A සිසු හෙද කණ්ඩායම සඳහා හිස්වැසුම් පැළඳවීම සහ සේවයට කැපවීමේ උළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමින්.

එහිදී ‌හෙද සිසු සිසුවියන් සඳහා වන තුන් අවුරුදු පාඨමාලාවේ පළමු වසරේ න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් 140ක් සඳහා හිස් වැසුම් පැළඳවීම සහ සේවයට කැපවීම සිදු කර තිබෙනවා.

 
(colombotimes.lk)