colombotimes.lk
සිංහල | English

28 April 2024

දිවයින පුරා මෙහෙයුම්වලින් තවත් අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට



දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 549ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 210ක් සමගින් මුළු සැකකරුවන් 759 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගැනුණු ද්‍රව්‍ය පහතින්,
හෙරොයින් 135 g 778 mg
අයිස් 87 g 287 mg
ගංජා 25 kg 164 g
ගංජා පැල 50,849
මාවා 179 g
මත්පෙති 1,545
මදන මෝදක 102 g

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 549 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 08 දෙනෙකු සිටින බව සඳහන්.

මීට අමතරව අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 210 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 19ක්, මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 188ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 03 ක්ද ඇතුලත් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)