තමිල්නාඩු ජනප්‍රිය චිත්‍රපට නළු තලපති විජේ දේශපාලනයට අවතීර්ණ වී තිබෙනවා.
'තමිලාහ වෙට්රි කලහම්' නම් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා ඔහු මේ වනවිට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
තම බලාපොරොත්තුව 2024 මහමැතිවරණය නොව 2026 ප්‍රාන්ත සභා මැතිවරණයට ඉදිරිපත් වීම බවයි තලපති විජේ පවසා ඇත්තේ.
එමෙන්ම තමන් කිසිදු දේශපාලන පක්ෂයක් සමග සන්ධානගත වීමේ බලාපොරොත්තුවක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)