18 December 2025

logo

යන්ත්‍ර සමඟ මිනිස් මොළය සම්බන්ධ කිරීමට සැලැස්මක්



යන්ත්‍ර සමඟ සන්නිවේදනය කළ හැකි වන පරිදි මොළයේ සෛල වර්ධනය කිරීමට ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් කණ්ඩායමක් සූදානම් වන බව වාර්තා වනවා.

පසුගිය වසර දෙක තුළදී මෙම පරීක්ෂණයේ මූලික පියවර සාර්ථකව අවසන් කළ බවද ඔවුන් සඳහන් කළා.

මෙය සිදුකිරීමට මොළයේ ඇති නියුරෝන සෛල 800,000ක් පමණ සම්බන්ධ කර ගන්නා බවයි වාර්තා වන්නේ.

පරීක්ෂණය සඳහා ප්‍රතිපාදන සැපයීම ඕස්ට්‍රේලියානු රජයේ හමුදා සහ බුද්ධි අංශ මඟින් සිදුකෙරෙනවා.

එමෙන්ම ඕස්ට්‍රේලියානු පරීක්ෂණ කවුන්සිලය හරහා මෙය කළමනාකරණය කිරීමට නියමිතයි.
(colombotimes.lk)