04 November 2025

logo

මේ වසරේ පාසල් පැවැත්වෙන කාල සටහන අමාත්‍යාංශය නිකුත් කරයි



මෙම වසරේ පාසල් පැවැත්වෙන කාලය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව හෙට ඇරඹෙන පාසැල් වාරය අගෝස්තු 17 දක්වා පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව අගෝස්තු 18 සිට අගෝස්තු 27 දක්වා දෙවන වාරයේ නිවාඩුව ලබා දෙන අතර දෙවන වාරයේ දෙවන අදියර අගෝස්තු 28 සිට ඔක්තෝම්බර් 27 දක්වා පැවැත්වීමට නියමිත බව සඳහන්.

එමෙන්ම තුන්වන වාරයේ පළමු අදියර ඔක්තෝම්බර් 30 සිට නොවැම්බර් 24 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තුන්වන වාරයේ පළමු නිවාඩුව ක්‍රියාත්මක වන්නේ නොවැම්බර් 25 සිට දෙසැම්බර් 31 වනදා දක්වායි.

තුන්වන වාරයේ දෙවන අදියර 2024 වසරේ ජනවාරි 01 වනදා සිට ඇරඹෙන අතර එය ජනවාරි 16 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.

දෙවන පාසල් වාරයේ පළමු අදියර හෙට (24) ආරම්භ වීමට නියමිතයි.
(colombotimes.lk)