05 January 2026

logo

රටේ සහල් හිඟයක්?



වසර මැද වන විට සහල් හිඟයක් ඇති විය හැකි බව රුහුණු විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පවසනවා.

ඔහු කියා සිටියේ මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න සැලකිය යුතු මට්ටමකින් අඩුවීම හේතුවෙන් එම තත්ත්වය උද්ගත විය හැකි බවයි

මහ කන්නය මෙරට සහල් අවශ්‍යතාවයෙන් 65%ක් සම්පූර්ණ කරන බවත් මෙවර එම කන්නයේදී අපේක්ෂිත අස්වැන්න අඩු වනු ඇති බවට රජයට ප්‍රකාශ කර ඇති බවත් මහාචාර්ය සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට ආරම්භ වී තිබෙනවා යල කන්නයේ අස්වැන්න ලැබීමට මාස 04ක කාලයක් ගතවීම හේතුවෙන් වසර මැද මෙම සහල් හිඟය ඇති විය හැකි බවයි.

(colombotimes.lk)