30 April 2026

logo

යාල රක්‍ෂිතය තුළ සහ කතරගම කළ වැටලීම්වලින් හමුවූ දේ



මොණරාගල, යාල රක්ෂිතයේ කුබුක්කන් ඔය අසල දිගු කාලීනව පවත්වාගෙන යනු ලැබු ගංජා වගාවක් වැටලීමට සමත්ව තිබෙනවා.

ඒ, යුධ හමුදා බුද්ධි අංශය හා මොණරාගල කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් ඒකාබද්ධවයි.

මෙම වැටලීම පසුගිය පෙබරවාරී 04 වනදා සිදු කර තිබුණා.

මෙම වැටලීමේදී කප්පාදු කිරීමට සුදානම්ව තිබු ගංජා පැල 16,800 ක්‌ හා විිණීමට සුදානම්ව තිබු වියලි ගංජා කිලෝ ග්‍රෑම් 1658.40ක්, මෙරට නිෂ්පාදිත කොටන තුවක්කු දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ භාණ්ඩ සියඹලාන්ඩුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙයට අමතරව හමුදා බුද්ධි තොරතුරු මත කතරගම ප්‍රදේශයේ අක්කර භාගයක ප්‍රදේශයක වගා කර තිබු තවත් ගංජා පැළ 7,000ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යුධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කරන ලද වැටලීමකදී සමත්ව තිබෙනවා.

මෙහි වැඩිදුර පරීක්‍ෂණ කටයුතු කතරගම පොලීසිය විසින් සිදු කරන බව සඳහන්.
(colombotimes.lk)