කිරිමැටියාව වැවේ ගිලීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඒ කැකිරාව, කිරිමැටියාව ප්‍රදේශයේදීයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 28ක් වන පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයා තවත් පුද්ගලයින් පස් දෙනෙක් සමඟ කිරිමැටියාව වැවේ ඔරුපදිමින් සිටියදී ඔරුව පෙරළීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවයි.
(colombotimes.lk)
