2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නේපාල කණ්ඩායමට එරෙහිව පැවති තරගය ලකුණු 4කින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා.
එංගලන්ත කණ්ඩායම නේපාල කණ්ඩායම T20 පිටියේදී හමු වූ පළමු අවස්ථාව මෙයයි.
මෙහිදී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 185ක ඉලක්කයක් හඹා ගිය නේපාල කණ්ඩායම අවසන් පන්දුව දක්වාම ඉතාමත් හොඳ තරගයක් ලබාදුන්නා.
